දේශීය ණය ප්රතිව්යූහගත කිරීමේ වැඩපිළිවෙල එළඹෙන සැප්තැම්බර් මාසය වන විට සාර්ථකව අවසන් කර ගැනීම සිය බලාපොරොත්තුව බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පවසනවා.
ජනාධිපතිවරයා මේ බව සදහන් කළේ විශ්ව විද්යාල ආචාර්යවරුන්ගේ සංගමය සමග ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවති සාකච්ඡාවකදී.
එමෙන්ම ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා වැඩිදුරටත් කියා සිටියේ මෙම වසර ආර්ථික වශයෙන් අසීරු වසරක් වන බවයි.