සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර තරග තුනකින් යුත් විස්සයි විස්ස තරගාවලියේ පළමු තරගය හෙට(28) පැවැත්වීමට නියමිතයි.
එම තරගය මෙරට වේලාවෙන් පස්වරු 1ට පමණ සෙන්ට් ජෝර්ජ්හිදී ආරම්භ වීමට නියමිතයි.
මේ අතර සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර පැවැති තරග තුනකින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය දෙකට එකක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත් වූවා.
තරගාවලියේ පළමු තරග දෙක ජයගැනීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත් වූ අතර තෙවැනි සහ අවසන් තරගය ජයගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත් වූවා.














