අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනී බ්ලින්කන් සමග සුහද ද්විපාර්ශවික සාකච්ඡා වටයක් පැවැති බව ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස් ජයශංකර් පවසනවා.එහිදී ද්විපාර්ශවික සබඳතා සමාලෝචනය කළ බවත් ගෝලීය ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවත් ඉන්දීය විදේශ අමාත්‍යවරයා සඳහන් කළා.මෙම සාකච්ඡා පැවැත්වුණේ අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනී බ්ලින්කන්ගේ ඉන්දීය සංචාරයට සමගාමීවයි.ඉන්දියාවේ පැවැති ජි 20 කණ්ඩායමේ විදේශ අමාත්‍යවරුන්ගේ හමුවට සහභාගී වීම සඳහා අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා සිය ඉන්දීය සංචාරයේ නිරත වුණා.
ඉන්දියාවේදී ඔහු ඔස්ට්‍රේලියානු හා ජපාන විදේශ අමාත්‍යවරුන් ද හමුවූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
උණුසුම් පුවත්
- දසුන්ගේ නායකත්වය ලෝක කුසලානය දක්වා
- ජයේ වැඩපිළිවෙළ සියලු ආගමික නායකයන්ගේ ප්‍රසාදයට
- දිස්ත්‍රික්ක 5 කට නාය යෑම් අනතුරු ඇඟවීම්
- ආයුධයකින් පහරදී කාන්තාවක් ඝාතනය කරයි
- විශේෂ මෙහෙයුමකින් සැකකරුවන් 610ක් අත්අඩංගුවට
- අද දවසේ කාලගුණ තත්ත්වය
- වැඩිම වැස්ස උඩුදුම්බරට – නුවර මහාමායා බාලිකාව දින නියමයක් නොමැති වැසේ
- ගජමුතු දෙකක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට













