ගුරුවරුන්ගේ ස්ථාන මාරු ක්‍රියාවලිය ඉදිරියේ දී මාර්ග ගත ක්‍රමයට සිදුකරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා .
එය මානව සම්පත් කළමනාකරණ පද්ධතියේ අන්තර්ගත පෞද්ගලික හා සේවා දත්ත ඇසුරින් සිදුකරන බවයි එම අමාත්‍යංශය සදහන් කලේ .
අදාළ ක්‍රියාවලිය කඩිනම්ව හා විධිමත් ව සිදුකිරීම සඳහා දෛනික ව ගුරුභවතුන්ගේ මානව සම්පත් කළමනාකරණ පද්ධතිය යාවත්කාලීන කළ යුතු වනවා .
මේ හේතුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ ගුරුවරුන් විසින් සිය තොරතුරුවල නිරවද්‍යභාවය තහවුරු කිරීම අත්‍යවශ්‍ය බවයි .
සියලුම රජයේ පාසල්වල ගුරුවරුන් මේ සම්බන්ධයෙන් අවධානයෙන් කටයුතු කළ යුතු බව ද දන්වා තිබෙනවා .
ගුරුභවතුන්ගේ මානව සම්පත් කළමනාකරණ තොරතුරු පද්ධතියට nemis [fkóia] . moe . gov . lk තොරතුරු ජාලය ඔස්සේ පිවිසිය හැකි වනවා .
ඒ ඔස්ස්සේ සිය තොරතුරුවල නිරවද්‍යභාවය තහවුරු කරගත යුතු බවත් සංශෝධනයන් වෙතොත් කලාප අධ්‍යාපන අධ්යක්ෂ වෙත දැනුම් දිය යුතු බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සදහන්