අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් නිකුත් කරන ලද නවතම එක්දින ජාත්‍යන්තර කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් අනුව ඉන්දියාව ලොව අංක එකේ කණ්ඩායම ලෙස සිය ස්ථානය තවදුරටත් තහවුරු කරගෙන තිබෙනවා.
එමෙන්ම එම ලැයිස්තුවේ පස්වන ස්ථානයේ පසුවන්නේ ශ්‍රී ලංකාවයි
මෙම ලැයිස්තුවේ දෙවන ස්ථානය නවසීලන්තයට හිමිව ඇති අතර, ඕස්ට්‍රේලියාව රේටින් තෙවන ස්ථානයට පත්ව තිබෙනවා.
ඇෆ්ගනිස්තානය ප්‍රබල එංගලන්ත කණ්ඩායම අභිබවා 7 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබීමත් විශේෂත්වයක්.
එමෙන්ම 20වැනි ස්ථානය නොහොත් අවසන් ස්ථානයේ එක්සත් අරාබි එමීර් රාජ්‍යය පසුවනවා .













