මේ වන විට ඩෙංගු උවදුර යලි හිස ඔසවමින් යන තත්ත්වයක් නිරීක්ෂණය වන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසනවා.
එය තවදුරටත් වැඩිවෙමින් පැවතියහොත් වසංගත තත්ත්වයක් දක්වා වර්ධනය වීමේ හැකියාවක් පවතින බවටයි ඔහු අනතුරු අඟවන්නේ.
මේ දිනවල රටේ පවතින දේශපාලනික තත්ත්වය මත ජනාධිපතිවරණයට වැඩි ඉඩක් දී ඩෙංගු උවදුර නොසලකා හැරියහොත් ජනතාවට භයානක ප්‍රතිවිපාකවලට මුහුණදීමට සිදුවණු ඇති බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂක උපුල් රෝහණ මහතා සඳහන් කළේ.