ගංජා සිද්ධියට ඇතිමලේ පොලීසියේ ස්ථානාධිපතිවරයාත් අත්අඩංගුවට
ගංජා හසුවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලට අදාළව ඇතිමලේ පොලීසියේ ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයෙකුගේ නිල නිවසේ තිබී වේළීම සඳහා සකස් කර තිබූ ගංජා පැළ 650 කට ආසන්න සංඛ්‍යාවක් පසුගියදා සොයා ගැනුණා.
මේ අනුව එම සිද්ධියට අදාළව මොණරාගල කොට්ඨාසය භාරව සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා ඇතුළු හය දෙනෙකු අත්අඩංගුවට ගෙන ලබන 13 වනදා දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලබා දී තිබුණා.
මොණරාගල කොට්ඨාසය භාරව සිටි වැඩබලන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ රාජකාරි – තහනම ට ලක් කර තිබෙනවා.
උණුසුම් පුවත්
- රත්නපුර ශික්ෂන රෝහලේ වෛද්‍ය වැඩ වර්ජනය අත්හිටුවයි.
- ව්‍යාජ අංක තහඩු සහිත මෝටර් රථයක් පැදවූ වෛද්‍යවරියක් අත්අඩංගුවට
- තුසිත හල්ලොලුව යළිත් රිමාන්ඩ්
- කොදෙව්වන් පරදවමින් ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායමට තියුණු ජයක්
- විදේශයන්හිදී ආපදාවන්ට ලක්වන ශ්‍රි ලාංකික ශ්‍රමිකයන්ගේ දරුවන්ට ජනාධිපති අරමුදලෙන් ආධාර
- බැකෝ සමන්ගේ බිරිඳ රිමාන්ඩ්
- කොදෙව්වන් පරදවමින් ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායමට තියුණු ජයක්
- තුසිත හල්ලොලුව යළිත් රිමාන්ඩ්