ඉදිරි ඡන්ද විමසීමේදී පූර්ණ හෝ අර්ධ දෘෂ්‍යාබාධිත තත්ත්වයකට හෝ යම් ශාරීරික දුබලතාවකට පත් ඡන්දහිමියෙකුට ඡන්ද පොළේදී ඡන්ද පත්‍රිකාව සලකුණු කරගැනීම සඳහා සහායකයෙකු කැටුව යාහැකි වන පරිදි නීතිමය ප්‍රතිපාදන සලසා තිබෙනවා .
එමෙන්ම කිසියම් කායික දුබලතාවයක් නිසා යම් තැනැත්තෙකුට පයින් හෝ පොදු ප්‍රවාහන සේවයකින් ඡන්ද පොළට යාම හෝ ඒම කළ නොහැකි නම් විශේෂ ප්‍රවාහන පහසුකම් සඳහා ඉල්ලුම් කිරීම සම්බන්ධයෙන් ද මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරනු ලැබුවා .