
වසරේ ගතවූ කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 70,000ට ආසන්න වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.
ඒ අනුව ඊයේ මධ්‍යම රාත්‍රිය වන විට මෙරටින් වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 69,951ක් වාර්තා වී ඇති බවයි එම ඒකකය සඳහන් කළේ. එමෙන්ම පසුගිය 12 වැනි දින වාර්තා වූ සමස්ත ඩෙංගු රෝගීන් ප්‍රමාණය 68,672ක් වන අතර ඒ අනුව ඊයේ දිනට පමණක් රෝගීන් 1,279ක් වාර්තා වී තිබෙනවා.














