Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    අස්වැසුම වැඩසටහන සඳහා ප්‍රතිලාභීන් තෝරාගැනීමට නව ක්‍රමවේදයක්

    2026-08-03

    කැලණි ගඟ ආශ්‍රිතව මහ ගංවතුරක් ගැන අනතුරු ඇඟවීම්

    2026-08-03

    නුවරඑළිය දිස්ත්‍රික්කයේ සියලුම පාසල් හෙට සිට වැසෙයි

    2026-08-03
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • අස්වැසුම වැඩසටහන සඳහා ප්‍රතිලාභීන් තෝරාගැනීමට නව ක්‍රමවේදයක්
    • කැලණි ගඟ ආශ්‍රිතව මහ ගංවතුරක් ගැන අනතුරු ඇඟවීම්
    • නුවරඑළිය දිස්ත්‍රික්කයේ සියලුම පාසල් හෙට සිට වැසෙයි
    • හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ ගමනා ගමනය අත්හිටුවයි
    • දිස්ත්‍රික්ක 03කට නායයෑම් රතු නිවේදන
    • ඉරානය සමග සාකච්ඡා එළඹෙන සදුදා ඇරඹීමට ජනපති ට්‍රම්ප් සූදානමින්
    • බස් රථ දෙකක් ගැටීමෙන් පුද්ගලයන් 20 ක් රෝහල් ගත කෙරේ
    • ඊජිප්තුවේ රික්ටර් මාපක 5.4 ක භූ කම්පනයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, අගෝස්තු 4
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහන

    ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහන

    2023-09-04කියවීමට මිනිත්තු 2ක් ගතවේ.33 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ තවත් තරගයක් මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේදී අද(04) පැවැත්වීමට නියමිතයි.
    ඒ ප්‍රබල ඉන්දීය කන්ඩායම සහ නේපාල කණ්ඩායම අතරයි.
    මේ තරගාවලියේ සිව්වන තරගය ඊයේ(03) පකිස්තානයේ ලාහෝර්හිදී පැවැත්වුණේ බංග්ලාදේශ කණ්ඩායම සහ ඇෆ්ගනිස්ථාන කන්ඩායම අතරයි.
    එම තරගයෙන් ලකුණු 89ක  ජයක් ලබාගැනීමට හැකියාව ලැබුණා.
    තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් බංග්ලාදේශ කණ්ඩායම කඩුලු පහක් දැවී ලකුණු 334ක් ලබාගත් අතර ඊට පිළිතුරු ලෙස ඇෆ්ගනිස්ථාන් කන්ඩායමට පන්දුවාර 44.3කදී සියලුම දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 245ක් පමණයි.
    මේ අතර ආසියානු කුසලාන එක් දින ක්‍රිකට් තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ A කාණ්ඩයේ පෙරමුණ ගැනීමට පාකිස්ථානයත් B කාන්ඩයේ පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකාවත් සමත්ව සිටිනවා.
    A කාණ්ඩාය යටතේ පාකිස්ථානය, ඉන්දියාව සහ නේපාලය තරග වදිනවා.
    ඒ අනුව එම කාණ්ඩයේ පළමු ස්ථානය තරග දෙකකට සහභාගි වෙමින් එක් තරගයක් ජයග්‍රහණය කර ප්‍රසාද ලකුණු තුනක් ලබාගනිමින් පාකිස්තාන කණ්ඩායම හිමි කරගෙන තිබෙනවා.
    ඔවුන් ලබාගෙන ඇති දළ ලකුණු ප්‍රතිශතය(NRR) 4.760ක්.
    මේ අතර දෙවන ස්ථානයේ පසුවන ඉන්දීය කණ්ඩායම එක් තරගයකට සහභාගි වී ප්‍රසාද ලකුණු 1ක් ලබාගෙන සිටිනවා.
    කෙසේ වෙතත් පාකිස්තානය සහ ඉන්දියාව අතර පැවැති තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දැමීමට සිදු වීම හේතුවෙන් කණ්ඩායම් දෙකටම ප්‍රසාද ලකුණු 1 බැගින් හිමි වූ අතර දළ ලකුණු ප්‍රතිශතයට එය බලපෑමක් වූයේ නෑ.
    එම කාණ්ඩයේ තෙවන ස්ථානයේ පසුවන නේපාල කණ්ඩායම එක් තරගයකට සහභාගි වී එම තරගයෙන් පරාජය ලැබුවා.
    මේ අතර B කාණ්ඩයේ පෙරමුණ ලබාගෙන සිටින ශ්‍රී ලංකා කණ්ඩායම 0.951ක දළ ලකුණු ප්‍රතිශතයක් සහ එක් තරගයකට සහභාගි වී එම තරගයෙන් ජයග්‍රහණය කර ප්‍රසාද ලකුණු දෙකක් ලබාගනිමින්.
    දෙවන ස්ථානයේ පසුවන බංග්ලාදේශ කණ්ඩායම තරග දෙකටම සහභාගි වී එක් තරගයක් ජයග්‍රහණය කර අනෙක් තරගය පරාජයට පත්වී ප්‍රසාද ලකුණු දෙකක් ලබාගැනීමට සමත්ව සිටිනවා.
    ඔවුන් ලබාගෙන ඇති දළ ලකුණු ප්‍රතිශතය 0.373ක්.
    මේ අතර බී කාණ්ඩයේ තෙවන ස්ථානයේ පසුවන ඇෆ්ගනිස්ථාන් කණ්ඩායම සහභාගි වූ එකම තරගය පරාජයට පත්වූවා.
    මේ අතර ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ වැඩිම කඩුලුලාභියා ලෙසින් මේ වන විට පෙරමුණ ගෙන සිටින්නේ Shaheen Shah Afridi යි.
    ඔහු ඉනිම දෙකකදී කඩුලු හයක් දවා ගැනීමට සමත් වී තිබෙනවා.
    දෙවන ස්ථානයේ කඩුලු පහක් දවාගත් Haris Rauf සිටින අතර කඩුලු පහක් දවාගත් Taskin Ahmed තෙවන ස්ථානයේ පසුවනවා.
    තරගාවලියේ වැඩිම ලකුණුලාභීන් ලෙස මේ වන විට පෙරමුණ ගෙන සිටින්නේ ඉනිම දෙකකදී ලකුණු 193ක් ලබාගෙන සිටින Najmul Hossain Shantoයි.
    බාබර් අසාම් ලකුණු 151ක්ද Mehidy Hasan Miraz ලකුණු 117ක්ද ලබාගනිමින් පිළිවෙළින් දෙවන හා තෙවන ස්ථානවල පසුවනවා.
    මේ අතර තරගාවලියේ හය වන තරගය හෙවත් පළමු වටයේ අවසන් තරගය හෙට(05) ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර පාකිස්ථානයේ ලාහෝර්හිදී පැවැත්වීමට නියමිතයි.

    asia cup bonus score chart
    පෙර පුව​තහමුදා සෙබළෙකු ටී 56 ක් සමග පලා යමින් සිටිය දී අත්අඩංගුවට
    ඊළඟ පුව​ත අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක 3 ක පවුල් 28 කට පීඩා

    සබැ​ඳි පුවත්

    අස්වැසුම වැඩසටහන සඳහා ප්‍රතිලාභීන් තෝරාගැනීමට නව ක්‍රමවේදයක්

    කැලණි ගඟ ආශ්‍රිතව මහ ගංවතුරක් ගැන අනතුරු ඇඟවීම්

    නුවරඑළිය දිස්ත්‍රික්කයේ සියලුම පාසල් හෙට සිට වැසෙයි

    හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ ගමනා ගමනය අත්හිටුවයි

    දිස්ත්‍රික්ක 03කට නායයෑම් රතු නිවේදන

    ඉරානය සමග සාකච්ඡා එළඹෙන සදුදා ඇරඹීමට ජනපති ට්‍රම්ප් සූදානමින්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    අස්වැසුම වැඩසටහන සඳහා ප්‍රතිලාභීන් තෝරාගැනීමට නව ක්‍රමවේදයක්

    2026-08-03

    කැලණි ගඟ ආශ්‍රිතව මහ ගංවතුරක් ගැන අනතුරු ඇඟවීම්

    2026-08-03

    නුවරඑළිය දිස්ත්‍රික්කයේ සියලුම පාසල් හෙට සිට වැසෙයි

    2026-08-03

    හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ ගමනා ගමනය අත්හිටුවයි

    2026-08-03
    ක්‍රීඩා පුවත්

    නිසල අරනේ වෙඩික්කරු අත්අඩංගුවට

    2026-08-03

    හෙල්ල විසි කිරීමේ ශුර රුමේෂ් ලක්මව යලිත් රනින් බබලවයි

    2026-08-01

    ගෝල් ගැලන්ට්ස් LPL තරගාවලියේ පෙරමුණට

    2026-07-27
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group