මැදවච්චිය මහේස්ත්‍රාත් අධිකරණයේ සේවිකාවක් අද(28) සවස අත්අඩංගුවට ගැනුණු බව මිහින්තලේ පොලිසිය පවසනවා.
පොලිසිය කියා සිටියේ මත්පෙති 40ක් සමග සැකපිට අදාළ සේවිකාව අත්අඩංගුවට ගැනුණු බවයි.
39 හැවිරිදි සැකකාර සේවිකාව කෝන්වැව, උපුල්දෙනිය ප්‍රදේශයේ පදිංචිකාරියක් බවද පොලිසිය කියා සිටියා.
පොලිසිය වැඩිදුරටත් කියා සිටියේ මෙම කාන්තාව මැදවච්චිය මහේස්ත්‍රාත් අධිකරණයේ කාර්යාල කාර්ය සභිකාවක ලෙස සේවය කරන්නියක බවයි.