වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා දසවැනි පාර්ලිමේන්තුව සඳහා ශ්‍රී ලංකා – ඕමාන පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති ධුරයට තේරී පත්ව තිබෙනවා .
එම සංගමය නැවත පිහිටුවීම කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු පරිශ්‍රයේදීයි පැවැත්වුණා.
ශ්‍රී ලංකාවේ ඕමාන තානාපති අහමඩ් අලි සයිඩ් මහතා එහි ආරාධිත අමුත්තා ලෙස මෙම අවස්ථාවට සහභාගී වුනා.
පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා සංගමයේ ලේකම් ධුරයට තේරී පත් වූ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රිනි චතුරි ගංගානි මහත්මිය එහි භාණ්ඩාගාරික ධුරයට තේරී පත්ව තිබෙනවා .
මෙම හමුවේදී, දෙපාර්ශ්වයම ශ්‍රී ලංකාව සහ ඕමානය අතර 1981 වසරේ සිට පැවත එන ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් පුළුල් කිරීමේ අවශ්‍යතාව අවධාරණය කර සිටියා.
ඕමානයේ ශ්‍රී ලාංකික ප්‍රජාවගේ දායකත්වය ද මෙහිදී අවධානයට ලක් වූ අතර, දෙරටේ ආර්ථිකයන්ට සහාය වීම සහ සබඳතා ශක්තිමත් කිරීම සඳහා ඔවුන්ගේ කාර්යභාරය ඇගයීමට ලක් වී තිබෙනවා .
සංචාරක, වෙළඳාම, ශ්‍රමය සහ අධ්‍යාපනය ඇතුළු ප්‍රධාන ක්ෂේත්‍ර කිහිපයක සහයෝගීතාව වැඩිදියුණු කිරීමේ හැකියාව පිළිබඳව ද මෙහිදී සාකච්ඡා වී තිබුණා.
උණුසුම් පුවත්
- දිස්ත්‍රික්ක දෙකකට නායයාමේ අනතුරු ඇඟවීම්
- විදේශිකයන් රැගත් බස් රථයක් අනතුරට ලක්වෙයි
- වීසා උපදේශනය මුවාවෙන් සිදුකරන රැකියා ජාවාරම් රටපුරා…
- හෙට මිලිමීටර් 100ට වැඩි තද වැසි
- උගුඩු පැටවුන් දෙදෙනෙකුට වතු කම්කරුවෙකුගෙන් ලැබුණු සෙනෙහස
- T20 ලෝක කුසලානයේ පළමු වටයේ අවසන් තරගය අද
- දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
- ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 75කට වැඩි වැසි














