අබුඩාබි T10 ලීග් තරගාවලියට ක්‍රීඩා කළ පූනේ ඩෙවිල්ස් කණ්ඩායමේ සහාය පුහුණුකරුවෙකු වූ සනී ඩිලන් හට වසර හයක ක්‍රිකට් තහනමක් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය තීරණය කර තිබෙනවා.
ඒ, එමිරේට්ස් ක්‍රිකට් ආයතනයේ දූෂණ විරෝධී සංග්‍රහය උල්ලංඝනය කිරීම හේතුවෙන්.
2021 වසරේ පැවති අබුඩාබි වී ටෙන් ලීග් ක්‍රිකට් තරගාවලියට අදාළව පුද්ගලයින් 8 දෙනෙකුට එරෙහිව 2023 වසරේ සැප්තැම්බර් මාසයේ දී අයි.සී.සීය දූෂණ චෝදනා ගොණු කර තිබූ අතර, ඒ අතරට බංග්ලාදේශ ක්‍රීඩක නසීර් හොසේන් ද ඇතුළත්.