ඇෆ්ගනිස්ථානයේ පාපන්දු ක්‍රීඩාංගනයක දී දහස් සංඛ්‍යාත පිරිසක් ඉදිරියේ කාන්තාවන් තිදෙනෙකු ඇතුලු පුද්ගලයින් 12 දෙනෙකුට කස පහර ලබාදී තිබෙනවා.
ඒ තලෙයිබාන් පාලනාධිකාරිය විසින්.
මෙම කණ්ඩායම අනාචාරය, මංකොල්ලකෑම් සහ සමලිංගික සේවනය ඇතුලු අපරාධවලට වැරදිකරුවන් වූ පිරිසක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.
ඉස්ලාමීය කණ්ඩායම විසින් මසක් තුළ ප්‍රසිද්ධියේ මෙවැනි ප්‍රහාර එල්ල කළ දෙවන අවස්ථාව මෙය වනවා.
නැගෙනහිර ඇෆ්ගනිස්ථානයේ ලෝහා ප්‍රදේශයේ තලෙයිබාන් ප්‍රකාශකයෙකු සඳහන් කර ඇත්තේ කාන්තාවන් තිදෙනා දඩුවම් කිරීමෙන් අනතුරුව නිදහස් කර ඇති බවයි.
කෙසේ වෙතත් කස පහරට ලක්වූ පිරිමි පුද්ගලයින් 12 දෙනා බන්ධනාගාර ගත කර තිබෙනවා.
උණුසුම් පුවත්
- නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ
- ට්‍රම්ප්ට එරෙහි තිබූ මැතිවරණ නඩුව ප්‍රතික්ෂේප කෙරේ
- මී උණ රෝගීන්ගේ ඉහළ යාමක
- දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්
- ඔලිම්පික් ක්‍රීඩිකා එමා මැකියොන් ක්‍රීඩාවෙන් සමුගනී
- ට්‍රම්ප්ට එරෙහිව නඩු ගොනු කළ නොහැකි බවට ප්‍රකාශයක් – පැවති නඩුවකුත් ප්‍රතික්ෂේප වෙයි
- දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සෙනසුරාදා විවෘත වෙයි
- නාවික ප්‍රජාවට කාලගුණයෙන් නිවේදනයක්