සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පළමු එක්දින ක්‍රිකට් තරඟය අද පැවැත්වෙනවා.
බංග්ලාදේශයේ චිතගොන් හීදී පැවැත්වෙන මෙම තරඟය අද මෙරට වේලාවෙන් පස්වරු 2 ට ආරම්භ වීමට නියමිතයි.
මේ අතර තරඟ තුනකින් සමන්විත එක්දින තරඟාවලිය සඳහා ක්‍රීඩා කරන ශ්‍රී ලංකා සංචිතය ඊයේ නම් කළා.
කුසල් මෙන්ඩිස්ගේ නායකත්වයෙන් නම් කළ මෙම සංචිතයට ක්‍රීඩකයන් 16 දෙනෙකු ඇතුලත්.
පසුගියදා නිමා වූ ඇෆ්ගනිස්තාන තරගාවලියේ දී කැපී පෙනෙන දස්කම් පෑ අසිත ප්‍රනාන්දුට ඇති වූ ආබාධ තත්වය නිසා ඔහු වෙනුවට ලහිරු කුමාර මෙම සංචිතය සඳහා එක් කර තිබෙනවා.
මේ අතර ඇෆ්ගනිස්තානය සමඟ එක්දින තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත් වූ ශෙවෝන් ඩැනියෙල් වෙනුවට කමිඳු මෙන්ඩිස් මෙවර සංචිතයට කැඳවා තිබීමත් විශේෂත්වයක්.
උණුසුම් පුවත්
- ලොරි – වෑන් ගැටී දෙදෙනෙකුට බරපතලයි
- උසස් පෙළ ලියූ සිසුන් පිරිසකට විශේෂ දැනුම්දීමක්
- දවස් 15ට සංචාරකයන් 131,000ක් දිවයිනට
- හිටපු කාතානයක රන්වලගේ නිවස ඉදිරිපට රිය අනතුරක්
- කාලගුණයෙන් නිවේදනයක්
- නුවරඑළියේ මල් තුහිණ
- ජාතික යොවුන් තෛපොංගල් උළෙල හැටන්හිදී පැවැත්වෙයි
- STF නිල ඇඳුමට සමාන ඇඳුමක් ඇඳ සිටි තරුණයෙක් අත්අඩංගුවට













