අඛණ්ඩව 3 වන වරටත් ඉන්දියාවේ අග්‍රාමාත්‍ය ධුරයට පත් වූ නරේන්ද්‍ර මෝදි ඊයේ සිය ධුරයේ දිවුරුම් දෙනු ලැබුවා.
ඉන්දියාවේ රාෂ්ට්‍රපති භවන්හිදී පැවති උත්සවයේදී ජනාධිපතිනි දෘපදී මුර්මු ඉදිරියේ මෝදි දිවුරුම් දීමටයි කටයුතු කළේ.
දිවුරුම් දීමේ උත්සවයට පෙර අගමැති මෝදි රාජ්ගාට් හි පිහිටි මහත්මා ගාන්ධි පිළිරුව වෙත පුෂ්පෝපහාර දැක්වීම සිදු කළ අතර ජාතික යුද ස්මාරකය වෙත ද පුෂ්පෝපහාර දැක්වීමට කටයුතු කළා.
දිවුරුම් දීමේ අවස්ථාවට ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුලු ලොව පුරා නායකයන් රැසක් එක්ව සිටියා.
නරේන්ද්‍ර මෝදි නියෝජනය කරන භාරතීය ජනතා පක්ෂය සහ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය ආසන 293ක් ලබා ඉන්දීය මහමැතිවරණය ජයග්‍රහණය කිරීමත් සමඟ තුන්වන වරටත් ඉන්දීය අගමැතිවරයා ලෙස තේරී පත්වුණා.
ජවහර්ලාල් නේරුගෙන් පසු තුන්වරක් අගමැති ධූරයට පත් වූ පළමු පුද්ගලයා වන්නේද නරේන්ද්‍ර මෝදියි.
උණුසුම් පුවත්
- බැකෝ සමන්ගේ බිරිය යළි රක්ෂිත බන්ධනාගාරයට
- නීතිවිරෝධී ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 47 නාවික හමුදා භාරයට
- මහරගම නගර සභා විපක්ෂ මන්ත්‍රීවරු විරෝධයක
- විමල් තංගල්ල අපරාධ කොට්ඨාසයට එයි
- සුරාබදු ආදායමේ වාර්තාගත වර්ධනයක්
- පොල් වගාව ප්‍රවර්ධනය කිරීම සඳහා ඒකාබද්ධ වැඩසටහනක්
- ගුරු සංවර්ධන නිලධාරින් පාද යාත්‍රාවක
- ගම්මන්පිල අල්ලස් කොමිසමට