ඉහල දැමු බැංකු ණය පොළි අනුපාතය වහා පහත හෙලන ලෙස රජයට බලකරමින් රාජ්ය සේවා වෘත්තීය සමිති එකමුතුව සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් අද පැවැත්වුනා.
ඒ කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට දී.
එහිදී ඔවුන් කියා සිටියේ බැංකු ණය පොලිය ඉහළ දැමීමේ ආණ්ඩුවේ තීරණයට එරෙහිව ඉදිරියේදී වෘත්තිය සමිති රැසක් එක් වී ක්රියා මාර්ග ගන්නා බවයි .