මොරොක්කෝවේ පැවැත්වෙන ලෝක පැරා මලල ක්රීඩා තරගාවලියේදී තවත් පදක්කම් දෙකක් දිනාගැනීමට ශ්රී ලංකා කණ්ඩායම සමත්වී තිබෙනවා.
ඒ අනුව ජනනි ධනංජනා ටී 47 කාණ්ඩයේ දුර පැනීම ඉසව්වෙන් රිදී පදක්කම දිනාගත්තා.
ඇය එහිදී දක්වා ඇති දක්ෂතාව මීටර 5.23 ක්.
ටී 46 කාණ්ඩයේ දුර පැනීම ඉසව්ව සඳහා තරග වැදුනු කුමුදු ප්රියංකා එහි ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් වුණා.