සුරාබදු නිලධාරින්ගේ ආරක්ෂාව සඳහා ඉදිරියේදී පිස්තෝල ලබා දීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව නාවික හමුදාවේ සහය ඇතිව මිලිමීටර් 9 වර්ගයේ පිස්තෝල 118 ක් මිලදී ගැනීමට කටයුතු කරන බවයි සුරාබදු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක සහ අතිරේක සුරාබදු කොමසාරිස් ජනරාල් කපිල කුමාරසිංහ මහතා සඳහන් කලේ.
ඒ මහතා කියා සිටියේ නිලධාරින්ගේ ආරක්ෂාව සනාථ කර ගැනීමට කාලනුරූපීව ගිනි අවි භාවිත කිරීම අවශ්‍ය බවයි.