තුර්කිය විසින් ඉන්ස්ටග්‍රෑම් ප්‍රවේශය අවහිර කර තිබෙනවා.
තුර්කිය විසින් හේතුවක් සහ කාලසීමාවක් ප්‍රකාශයට පත් කිරීමෙන් තොරව ඉන්ස්ටග්‍රෑම් ප්‍රවේශය අවහිර කර තිබෙනවා.
එරට මිලියන 85ක් පමණ වූ ජනගහනයෙන් මිලියන 50කට වඩා වැඩි පිරිසක් ඉන්ස්ටග්‍රෑම් පරිශීලකයින් බවයි වාර්තා වන්නේ.
තුර්කි බලධාරීන් සමාජ මාධ්‍ය වෙබ් අඩවිවලට පිවිසීම අවහිර කළ පළමු අවස්ථාව මෙය නොවන බව සඳහන් වෙනවා.