කුලියාපිටිය ප්‍රදේශයේ තරුණයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව සැකපිට අත්අඩංගුවට ගත් ඔහුගේ පෙම්වතිය ඇතුළු සැකකරුවන් 9 දෙනා එළැඹෙන 27 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගතකර තිබෙනවා.
ඒ සැකකරුවන් කුලියාපිටිය මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
මනුෂ්‍ය ඝාතනයකට ආධාර අනුබලදීම, මනුෂ්‍ය ඝාතනයක් සිදුකර එම අපරාධය වසන්කිරීම යන චෝදනා මත අත්අඩංගුවට ගත් සැකකාරිය ඊයේ වෛද්‍ය පරීක්ෂණයක් සඳහා කුලියාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත ද ඉදිරිපත් කර තිබුණා.