එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ තරඟ කාල සටහන වෙනස් කරන බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය තහවුරු කර තිබෙනවා.
රටවල් කිහිපයක ඉල්ලීම් මත මෙම තීරණය ගත් බවයි ඉන්දිය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම් ජේ ශා පවසන්නේ.
ඒ යටතේ ලොවක් බලා සිටින ඉන්දු පාකිස්ථාන තරඟයේ දිනයද වෙනස් වනු ඇති බවයි ක්‍රීඩා මාධ්‍ය වාර්තා කළේ.
දැනට එම තරඟය පැවැත්වීමට නියමිතව ඇත්තේ ඔක්තොම්බර් මස 15වනදායි.
තරඟ අතර පවතින පරතරය අවම කිරීමද මේ හරහා සිදු වනු ඇති.