කොළඹ විශ්වවිද්‍යාලය ඉදිරිපිට මාර්ගය අවහිර කරමින් අද පස්වරුවේ පැවැති ශිෂ්‍ය සංගම් විරෝධතාවට පොලීසිය කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ලකර තිබෙනවා. කොළඹ ක්‍රීඩා අමාත්‍යාංශය ඉදිරිපිටදී මෙලෙස කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ලකර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
එමෙන්ම ශිෂ්‍ය සංගම්වල විරෝධතාවයක් හේතුවෙන් අදාළ මාර්ගයේ ඇතිවී තිබෙන දැඩි රථවාහන තදබදය හේතුවෙන් ඒ ඉදිරිපිට මාර්ගය හදිසියේ වසා දැමීමට ද පියවර ගෙන ගැනුණා.





 


 







 
								