කැළණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති ලෙස ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නිලන්ති රේණුකා ද සිල්වා මහත්මිය පත්කර තිබෙනවා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසිනුයි මෙම පත් කිරීම සිදුකර ඇත්තේ.
එළැඹෙන අගොස්තු මස 24 වනදා සිට අදාළ පත්වීම ක්‍රියාත්මක වනු ඇති.
නව උපකුලපතිනිය පත්කර ඇත්තේ වසර තුනක කාලයක් සඳහායි.