
මත්පැන්වල සැර මත බදු පැනවීමට රජයේ අවදානය යොමුව ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා .
එසේම රාජ්‍ය ආදායමට බදු ගෙවූ මත්පැන් බෝතලයක්ද යන්න සොයාගැනීම සඳහා ස්ටිකර් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන බවත් එම ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යන බවත් පැවසුවා .
මේ අතර නිෂ්පාදනාගාර සහ සුරාබදු දෙපාර්තමේන්තුව සහ මුදල් අමාත්‍යාංශය අතර තාක්ෂණික තොරතුරු හුවමාරුවක් කිරීමට බලාපොරෝත්තු වන බවද මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කලා .














