රුපියල් 5000සේ ව්‍යාජ මුදල් නෝට්ටු තොගයක් සමග රත්නපුර ප්‍රදේශයේදී පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු රන් මාලයක් මිලදී ගැනීම සඳහා රත්නපුර නගරයේ ස්වර්ණාභරණ ආයතනයක් වෙත පැමිණි අවස්තාවේදියි මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.බදුල්ල සොනාතොට ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්.
සැකකරු අදාළ ස්වර්ණාභරණ ආයතනය වෙත පැමිණ රන්මාලයක් ඉල්ලා පන්දහසේ නෝට්ටු මිටියක් මේසය මත තබා තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් ඇති වූ සැකයක් මත ස්වර්ණාභරණ අලෙවිසලේ හිමිකරු විසින් පොලිසිය දැනුවත් කිරීමටයි කටයුතු කර ඇත්තේ.
සැකකරු අත්අඩංගුවට ගෙන පරීක්ෂාකිරිමේදී ඔහු සතුව තිබූ ව්‍යාජ මුදල් තොගය සහ පෙන්ඩ්‍රියිව් එකක් ද පොලිස් බාරයට ගෙන ඇති බව සඳහන්.
උණුසුම් පුවත්
- පස්බාගේ කෝරළේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ හදිසි පරීක්ෂාවක්
- VIDEO: අවතැන්වූවන් පිරිසක් කොත්මලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වටලයි
- කවුරුත් නොකරපුවා මෙයාලා කරනවා – ගම්මන්පිළ
- රිය අනතුරු වලකන්න පොලීසියෙන් අලුත් වැඩක් ! – VIDEO –
- ආණ්ඩුවට පොහොට්ටුවෙන් චෝදනාවක් !
- ඉන්දුනීසියාවේ වැඩිහිටි නිවාසයක ගින්නක්
- යතුරුපැදි අනතුරකින් තරුණයෙකු ජීවිතක්ෂයට
- දිවයිනේ ප්‍රදේශ කිහිපයක වායු ගුණත්වය පහළට













