
ගොතටුව මාදින්නාගොඩ සුරම්‍යාරාම පුරාණ විහාරස්ථානයේ පැවැත්වීමට නියමිත ඇසළ මහා පෙරහැර වීථි සංචාරය කිරීම හේතුවෙන් රථ වාහන ගමනාගමන සීමා කිරීමක් සිදු කිරීමට සැලසුම් කර තිබෙනවා. පොලීසිය පැවසුවේ අද පස්වරු 6.30 සිට මෙම පෙරහැර වීථි සංචාරය ආරම්භ කිරීමට නියමිතව ඇති බවයි. පෙරහැර මාදින්නාගොඩ ශ්‍රී සුරම්‍යාරාම විහාරස්ථානයෙන් ආරම්භ කර මහනියර හන්දියෙන් 175 බස් මාර්ගය ඔස්සේ බුත්ගමුව පාර, අඹගහහන්දිය, කොටුවේගොඩ හරහා රාජගිරිය දක්වා ගමන් කර රාජගිරිය සිට මැදවැලිකඩ පාර, මාදින්නාගොඩ, MDH ජයවර්ධන මාවත ඔස්සේ ගමන් කර විහාරස්ථානයට ගෙවදීමට නියමිතයි. මේ හේතුවෙන් පෙරහැර ගමන් ගන්නා කාලය තුළ ඉහත මාර්ග භාවිත කරන රියදුරන් විකල්ප මාර්ග භාවිත කරන ලෙසද පොලීසිය නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දී සිටිනවා.














