
නේපාලයේ හදිසි ජල ගැලීම හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 675 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව නේපාල ජාතික ආපදා අවම කිරීමේ සහ කළමනාකරණ අධිකාරිය සඳහන් කරනවා. එමෙන්ම මෙම ආපදා තත්ත්වය හේතුවෙන් තවත් පුද්ගලයින් 2,400කට වැඩි පිරිසක් තවදුරටත් අතුරුදන්ව ඇති බවයි වාර්තා වන්නේ. මේ අතර මෙම ආපදාවට හේතුවී ඇතැයි පැවසෙන ග්ලැසියර කඩා වැටීම ගෝලීය උණුසුම ඉහළ යාම හේතුවෙන් සිදුව තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ ගෝලීය උණුසුම හේතුවෙන් හිමාලයේ ග්ලැසියර, අයිස් බිම්, හිම තට්ටු දියවීම වේගවත් වී ඇති බවට විද්‍යාඥයින් විසින් පවසා ඇති බවයි.














