බාලවයස්කාර දැරියක් අපයෝජනය කිරීමේ චෝදනාවකට අදාළව පුද්ගලයින් තුන් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසිය පැවසුවේ විවාහක යුවලක් සහ තරුණයෙකු මෙලෙස අත්අඩංගුවට ගත් බවයි.
සැකකරා තුරුණයා අදාළ දැරිය සමග ප්රේමසම්බන්ධයක් ඇතිකර ඔහු හමුවීමට පැමිණෙන ලෙස දැනුම් දී තිබෙනවා.
පසුව ඔහුගේ ඥාති නිවසකට රැගෙනගොස් අපයෝජනය කර ඇති බවයි විමර්ශන වලදී අනාවරණ වී ඇත්තේ.
අදාළ නිවේසේ සිටි අඹු සැමි යුවලක්ද සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සදහන් කළේ.