හම්බන්තොට ප්‍රදේශයේ අද අලුයම සිදු වූ භූ කම්පනය සම්බන්ධයෙන් නිරීක්ෂණය කිරීම සදහා කණ්ඩායමක් එම ප්‍රදේශයට යොමු කර තිබෙනවා.
භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය පැවසුවේ මෙම භූ කම්පනය හේතුවෙන් සුනාමි තත්ත්වයක් ඇති වීමේ අවධානමක් නොමැති බවයි.
හම්බන්තොට වෙරළට කිලෝමීටර 25 යි දශම 8 ක් ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ රික්ටර් මාපක 4 දශම 4 ක සු`ඵ භූ කම්පනයක් අද අලුයම හටගෙන තිබුණා.
එම කම්පනය හම්බන්තොට මිරිජ්ජවිල, ගොඩවාය, දෙහිලන්ද සහ අම්බලන්තොට ප්‍රදේශවලට දැනුනු බව සදහන්.
මේ සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය හමුවකදී භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ ජේ්‍යෂ්ඨ අධ්යක්ෂ ආචාර්ය ස්ටෙරින් ප්‍රනාන්දු මහතා අදහස් පළ කළා.