දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද පස්වරු 2න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා .
අද දිනට අදාළ කාලගුණ නිවේදනය නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව මේ බව කියාසිටියා .
මේ අතර බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවයි .
මේ අතර නැගෙනහිර පළාතේත් දකුණු වෙරළබඩ ප්‍රදේශවලත් උදෑසන කාලයේදී ද වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව පවසනවා .
මේ අතර කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මගින් සිදුවිය හැකි අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසටයි .