මස්කෙළිය, සාම්මලේ, නල්ලතන්නිය හා නෝර්ටන්බි්‍රජ් යන ප්‍රදේශවල වතුකරයේ පිහිටි බොහෝ වෙළෙඳ සැල්වල කුළු බඩු ඇතුළු සියලුම භාණ්ඩ මිල පාලනයකින් තොරව අධික මිල ගණන්වලට අලෙවි කිරීම නිසා වතු කම්කරු ප්‍රජාව දැඩි ලෙස අපහසුතාවයට පත්ව සිටිනවා.
බලප්‍රදේශයේ ප්‍රාදේශීය සභාවෙන් වසරක් පාසා වෙළෙඳ බලපත්‍රයක් ලබාගත යුතු වුවද ඇතැම් වෙළෙඳ සැල් හිමියන් එම බලපත්‍ර ලබානොගෙන ව්‍යාපාර කටයුතුවල වසර ගණනක් තිස්සේ නිරතව සිටින බව වතු ජනතාව පවසනවා.
මොවුන් ඉතා අධික මිල ගණන්වලට අත්‍යවශ්‍ය භාණ්ඩ අලෙවි කරන බව පවසන වතුකරයේ ජනතාව ඇසුරුම් කරන ලද ආහාර ද්‍රව්‍යවල නිෂ්පාදිත දිනය හා කල් ඉකුත්වන දින මෙම කූඨ ව්‍යාපාරිකයින් සිදු කරමින් නීති විරෝධී ලෙස විශාල ලාභයක් ලබමින් තමන් දැඩි අපහසුතාවයකට පත්කර ඇති බවද පවසනවා.
වතු නිවාස මධ්‍යයේ මහා පරිමාණයෙන් වෙළෙඳ සැල් පවත්වාගෙන යනමෙම ගිනි කඩ මුදලාලිලා බලපත්‍ර රහිතව රජයේ අරක්කු වෙළෙඳාමද යහමින් කරගෙන යන බව වතු ජනතාව පවසනවා.
මෙම නීති විරෝධී ජාවාරම් සම්බන්ධව වගකිවයුතු අංශ කොතෙකුත් දැනුම්වත් කළද ඵලක් වී නොමැති බවත් වතුකරයේ ජනතාව වැඩිදුරටත් පෙන්වා දෙනවා.
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ හා පොලිස් නිලධාරීන්ගේ කඩිනම් අවධානයට ලක්ව නීති විරෝධී ජාවාරම්කරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස පීඩාවට පත්ව සිටින ජනතාව වැඩිදුරටත් ඉල්ලා සිටිනවා.