අලුත් අවුරුදු උත්සවයන්හිදී ආබාධිත පුද්ගලයන් පිළිබඳ සමාජය තුළ සංකල්පමය වෙනසක් ඇති කිරීම වෙනුවෙන් “කණා මුට්ටිය බිඳීම සහ අන්ධයාට කිරිකැවීම”, “වාසනා මුට්ටිය බිඳීම සහ සගයට කිරි කැවීම” ලෙස වෙනස් කළ බව සමාජ සවිබලගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනුප පස්කුවල් මහතා පවසනවා.
සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් සමෘද්ධි ව්‍යාපාරය යටතේ ඇති සියළුම බැංකු විසින් අවුරුදු උත්සව 1,089ක් දිවයින පුරා පැවැත්වීමට කටයුතු යොදා ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.
සමාජ සවිබලගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනුප පස්කුවල් මහතා මේ බව සඳහන් කර සිටියේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
උණුසුම් පුවත්
- මර්වින්ට එරෙහි නඩුවක් යළි කැඳවීමට දින දෙයි
- විල්පත්තුවේ මහා පරිමාණ දඩමස් ජාවාරමක්
- කස්සප හිමි ඇතුළු පිරිස යළි රිමාන්ඩ්
- සර්වඥ ධාතු ප්‍රදර්ශනය ගැන ජනපති ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක්
- විදුහල්පතිවරුන්ගේ ස්ථාන මාරු ක්‍රියාත්මක කිරීම් ගැන සාකච්ඡාවක්
- නානුඔය රදැල්ල කෙටි මාර්ගයේ ටොන් 5ට වැඩි බර වාහන ධාවනය කරන බවට චෝදනා
- වායු ගුණාත්මකභාවය පහලට
- බදුලුපුරින් – වලපනේ මෙහෙයුමේ ප්‍රගතිය සහ ඉදිරි සැලසුම්













