මාස කිහිපයක් ඇතුළත යුරේනීයම් බලගැන්වීමේ කටයුතු යළි ආරම්භ කිරීමේ හැකියාව ඉරානයට පවතින බව ජාත්‍යන්තර පරමානුක බලශක්ති ආයතනයේ ප්‍රධානී රෆායෙල් ග්‍රෝසි පවසනවා. අමෙරිකාව විසින් ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන වෙත දැඩි ප්‍රහාර එල්ල කළ ද ඒවා සම්පූර්ණයෙන් විනාශයට පත්ව නොමැති බවයි ඔහු පෙන්වා දී ඇත්තේ. මෙම තත්ත්වය තුළ සිය න්‍යෂ්ටික වැඩසටහන් යළි ආරම්භ කිරීමේ හැකියාව ඉරානයට පවතින බව පරමානුක බලශක්ති ආයතන ප්‍රධානීයා ප්‍රකාශ කර තිබෙනවා. අමෙරිකානු ප්‍රහාර හමුවේ ඉරාන න්‍යෂ්ටික මධ්‍යස්ථාන සම්පූර්ණයෙන් විනාශයට පත්වීමක් සිදුව නොමැති බවට මීට පෙරද වාර්තා පල වී තිබුණා. කෙසේ වෙතත් එම වාර්තා ප්‍රතික්ෂේප කරමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කර ඇත්තේ ඉරානය යළිත් යුරේනියම් බල ගැන්වීමේ කටයුතු ආරම්භ කළහොත් ඔවුන්ට යළි ප්‍රහාර එල්ල කිරීමට පියවර ගන්නා බවයි.
උණුසුම් පුවත්
- ගැඹුර පීඩන අවපාතය පොතුවිල් සිට කිලෝමීටර් 170ක් නැගෙනහිරින්
- වික්ටෝරිය, රන්දෙනිගල සහ රන්ටැඹේ ජල මට්ටම ගැන නිවේදනයක්
- නවගමුවේ ඇඟලුම් කම්හල ගින්නක්
- දැදුරුඔය ජලාශයේ වාන් දොරටු දෙකක් අරියි
- ඉදිරි පැය 24 තීරණාත්මකයි – අවදානයෙන් පසුවන්න
- ශ්‍රී පාද හැටන් මාර්ගයේ සිරිපා කරුණාවට කිසිදු අවදානමක් නෑ
- කසළ එකතු කිරීම බදු ගෙවූ ව්‍යාපාරිකයන්ගෙන් පමණයි
- උඩදුම්බරට භූ කම්පනයක්













