
වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 73ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ජාතික ඩෙංගු මර්දන ඒකකය පෙන්වා දෙන්නේ මේ වනවිට දිවයින පුරා සමස්ත ඩෙංගු රෝගීන් 96,228 වාර්තා වී ඇති බවයි. සැප්තැම්බර් මාසයේ මුල් දින 04 තුළ පමණක් රෝගීන් 737දෙනෙකු වාර්තා වී තිබෙනවා. අදාළ දත්තයන්ට අනුව වැඩි ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ ජූලි මාසයේදී වන අතර එම සංඛ්‍යාව 29,964ක්. ඊට අමතරව ජුනි මාසයේදී රෝගීන් 21,533ක් ද, අගෝස්තු මාසයේදී 10,155ක් ද, මැයි මාසයේදී 8,590ක් සහ ජනවාරි මාසයේදී 7,866ක් ද රෝගීන් වාර්තා වී ඇති බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේ.














