
දින දෙකක් තිස්සේ අතුරුදන්ව සිටි කඩදාසි සංස්ථාවේ සභාපතිවරයාගේ රියදුරු ඊයේ කැබ් රථය දමා පලා ගොස් ඇති බව වැල්ලවත්ත පොලිසිය පවසනවා. එලෙස පලා ගිය රියදුරු සම්බන්ධයෙන් දුරකථන විශ්ලේෂණ වාර්තා සහ සීසීටීවී දර්ශන ඔස්සේ මෙන්ම පැති කීපයක් ඔස්සේ විමර්ශන සිදුකිරීමට නියමිත බව ද සඳහන්. පලා ගිය රියදුරු රාගම කැන්දලියද්ද පාලුව ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි පුද්ගලයෙක්.














