
වියළි කාලගුණය හේතුවෙන් පීඩාවට පත් පිරිස 96,000 ඉක්මවා ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. එම මධ්‍යස්ථානය සඳහන් කරන්නේ, දිවයිනේ දිස්ත්‍රික්ක 06ක පුද්ගලයින් අනූ හය දහස්,584ක් වියළි කාලගුණය හේතුවෙන් පීඩාවට පත්ව ඇති බවයි. මේ හේතුවෙන් වැඩිම පිරිසක් පීඩාවට පත්ව ඇත්තේ, මොනරාගල දිස්ත්‍රික්කයෙන් බවයි වාර්තා වන්නේ.














