කොළඹ සිට මස්කෙළිය දක්වා ධාවනය වූ ලංගම බස් රථයක් අද(02) උදෑසන 8.30ට පමණ අනතුරට ලක්ව ඇති බව නෝර්ටන්බි්‍රජ් පොලිසිය පවසනවා.
බස් රථය වටවල, දියගල, නෝර්ටන්බි්‍රජ් හාහර මස්කෙළිය දක්වා ධාවනය කරන අවස්ථාවේදී ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් බස් රථය එක්වරම රියදුරුගේ පාලනයෙන් මිදී මාර්ගයේ වම්පස කාණුවකට වැටී බස් රථය නතර වී තිබෙනවා.
අධික බෑවුමක් සහිත ස්ථානායකදී බස් රථය අනතුර ලක්ව ඇති අතර බස් රථය අනතුරට ලක්වන අවස්ථාවේ මගීන් විසි දෙනෙකු පමණ බස් රථය තුළ ගමන් කර ඇති බව නෝර්ටන්බි්‍රජ් පොලිසිය පවසනවා.
බස් රථය අනතුරට පත්වීම හේතුවෙන් එම මාර්ගයේ බර වාහන ගමනාගමනයට බාධා එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ.