
වත්මන් ආණ්ඩුව බලයට පත්වී වසර දෙකක් පිරීම නිමිත්තෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ අද ප්‍රධාන මහජන රැස්වීම් දෙකක් අද පවත්වනු ලබනවා. ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්. කහටගස්දිගිලියේදී සහ නොච්චියාගම සිංහාරගමදී මෙම ජන රැළි පැවැත්වෙනු ඇති ආණ්ඩුව බලයට පත්වී ගතවූ වසර දෙකක කාලය තුළ සිදු කළ සහ කිරීමට අපේක්ෂිත සේවාවන් පිළිබඳව මෙහිදී ජනතාව දැනුවත් කිරීමට නියමිතව තිබෙනවා. මෙහි පළමු රැස්වීම අද පස්වරු 2.00 ට කහටගස්දිගිලිය සතිපොළ භූමියේදී ආරම්භ වනවා . දෙවැනි රැස්වීම පස්වරු 4.00 ට නොච්චියාගම සිංහාරගම ක්‍රීඩාංගණයේ දී පවත්වනු ලබනවා.














