
විදේශ රටක නිෂ්පාදිත බෝර 12 ගිනි අවියක්, ජීව අත්බෝම්බයක් සහ ජීව පතරොම් 06ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වළකුඹුරමුල්ල, කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි පුද්ගලයෙක්.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරකට අනුව ඊයේ කඳානේ ගෙදර, වළ කුඹුරමුල්ල ප්‍රදේශයේ පිහිටි නිවසක් පරීක්ෂා කිරීමේදී මෙම ගිනිඅවිය ඇතුළු භාණ්ඩ තොගය සොයා ගෙන තිබුනා.














