තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා දේවගැති ජෙරම් ප්‍රනාන්දු විසින් ඉදිරිපත් කළ පෙත්සම සලකා බැලීම ජූලි මස 28 වනදාට කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද තීරණය කළා.
එම පෙත්සමට කරුණු දැක්වීම සදහා පූජය ඇල්ලේ ගුණවංශ හිමියන් ඇතුළු පිරිසක් ගොනු කළ ඉල්ලීම සදහා ද අධිකරණය අවසර ලබා දුන්නා.
එම පෙත්සම එස්.තුරෙයිරාජා, කුමුදුනි වික්‍රමසිංහ සහ ශිරාන් ගුණරත්න යන මහත්ම මහත්මින්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේදී කැදවනු ලැබුවා.