Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි

    2026-04-22

    මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි

    2026-04-22

    හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්

    2026-04-21
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
    • මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
    • හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
    • ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්
    • නාවලපිටිය දොළොස්බාගේ මාර්ගය වැසි ජලයෙන් යටවෙයි
    • ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි
    • පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
    • දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, අප්‍රේල් 25
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » අලුත් ගමක් – අලුත් රටක් මොණරාගල දී

    අලුත් ගමක් – අලුත් රටක් මොණරාගල දී

    2023-08-04කියවීමට මිනිත්තු 3ක් ගතවේ.54 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    අග්‍රාමාත්‍යවරයා ඊයේ (2023.08.03) දින මොණරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති අලුත් ගමක් – අලුත් රටක් ජාතික ඒකාබද්ධතා සහභාගිත්ව සංවර්ධන  වැඩසටහනනේදී මෙවැනි ප්‍රකාශයක් සිඳුකළා.

    “මුදල් අර්බුදයකට දැවැන්ත ජාත්‍යන්තර ප්‍රශ්නයකට ශ්‍රී ලංකාව මුහුණ දුන්නා.අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ජාත්‍යන්තර සහයෝගය සහ මිත්‍රත්වය අවශ්‍ය වී තිබෙනවා.මෙවන් අර්බුදයන්ට මුහුණ දුන් රටවල් මේ තරම් ඉක්මනින් ආපහු ඔලුව උස්සල නැහැ.මට හමුවෙන හැම විදේශීය ප්‍රධානියෙක්ම කියන්නේ අපි ශ්‍රී ලංකාව ගැන ආඩම්බරයි කියලයි.

    අපි අපේ රටේ ගොවි ජනතාව ගැන ආඩම්බරයි. මුළු ලෝකයම ආහාර අර්බුදය මුහුණ දෙනකොට අපේ ගොවි ජනතාව තමන්ට තිබුණු ප්‍රශ්න මැද වුණත් ගොවිබිම්වලට ගිහිල්ලා හොඳ අස්වැන්නක්  ලබා දුන්නා. ගොවිබිම්වල අඩුපාඩුකම් මගහරවාගෙන ඕනෑකම් පිරිමහගෙන වඩාත් ඵලදායී තත්වයට ගෙන ඒම අත්‍යවශ්‍යයි.

    මුදල් අර්බුදය මැද තිබුණු තත්ත්වයන්ගෙන් ජාත්‍යන්තර විශ්වාසය දිනා ගැනීමට අද ශ්‍රී ලංකාව සමත්වී තිබෙනවා. විශ්වාසය මත තමයි ආර්ථිකය යළි ලියලන්නට පුළුවන්  තත්වයකට ගෙන ඒමට හැකි වුණේ. අමතක කරන්නට එපා බැංකු ගනුදෙනු ජාත්‍යන්තරව නැවතුනා. මෙවැනි ජාත්‍යන්තර ගැටලූවකට මුහුණ දීමට සිදුවීම පිළිබඳ සියලු දෙනාට තේරුම් ගැනීම දුෂ්කර වුණත් රාජ්‍ය පාලකයින් තේරුම් ගන්න ඕනේ. දිසාපතිවරුන්, පළාත් සභා නිලධාරීන්, ප්‍රාදේශීය සභා නිලධාරීන් ඇතුළු පහළට සියලු රාජ්‍ය  සේවය මේ පිළිබඳව හොඳින් අවබෝධ ගත යුතුයි.

    වෙල්ලස්ස භූමිය අපේ රටේ නිදහසේ දෝංකාරයයි. අතීතය සිහිපත් වෙන මේ භූමියට අපේ රටේ හැම ආණ්ඩුවක්ම ණයයි. ගමේ සිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ  හරහා ඇතිකරන ආහාර සුරක්ෂිතතාවය හා ඒ හා සම්බන්ධිත ක්ෂේත්‍ර ගණනාවකට මුලපුරන ගමනක්.

    ආහාරයෙන් අප ස්වංපෝෂිත වෙනවා කියන්නේ ඩොලර් යොදා ආහාර ගෙන ඒම නවතිනවා. රුපියලෙන් ආහාර නිෂ්පාදනය කරනවා. එයට මීට වඩා  අංක ගණිතයක් අවශ්‍ය වෙන්නේ නැහැ. අවශ්‍ය ඉලක්කයන් සපුරා ගැනීමට නොහැකි  වීමේ ගැටලු රාශියක් පවතිනවා. මේ ප්‍රදේශවල වගාවන් සිදු කරන අයට ඉඩම් ලබාදීමේ කටයුතු ඉක්මනින් අවසන් කළ යුතුව තිබෙනවා. ඔප්පු තිරප්පු උඩ ගනුදෙනු කරන යුගයක් අපට තිබුණේ නැහැ. ඔප්පු කියන දේ සුදු ආණ්ඩුව අපට පුරුදු කළ දේ මිසක් අතීතයේ තිබුණෙ නැහැ. ඔප්පු සමග විවිධ ඉඩම් නීති සුදු ආණ්ඩුව පැනෙව්වා. ඒ පනවපු නීති නිසා අද වෙල්ලස්සේ ජීවත් වන විශාල පිරිසක් අපහසුතාවයට පත්ව තිබෙනවා. මේ නීති වෙනස් කරන්න, සහනයක් දෙන්න ගොවි ජනතාව දැනට යෙදිලා සිටින පියවරයන් අපි මිනුම්පතිවරයා සමග සාකච්ඡා කලා. මූලික මිනුම් සැලසුම් ප්‍රාදේශීය ලේකම්වරයා  හරහා  කළොත් මේ ජනතාවගේ බලාපොරොත්තු සාර්ථක කර ගැනීමට හැකියාව ලැබෙයි.

    මේ රටේ අඩුම ආදායම් ලබන ජනතාව වෙනුවෙන් දෙන සහනය නවතින්න බැහැ. ගැටුමක් ඇති කරන්න මේක හොඳම වෙලාව කියලා සමහර අය හිතන්න ඇති. ගැටුමක් ඇති කරන්න අවශ්‍ය නැහැ. මානුෂිකව කල්පනා කරන්න ඕනේ. අපේ රටේ අඩුම ආදායම් ලබන ජන කොට්ඨාශයට ලබා දෙන මේ සහනය ඉක්මනින් ලබාදීම සහ ඒ ප්‍රමාණය වැඩි කර දීම සඳහා වූ උත්සාහයකයි මේ යෙදෙන්නේ. පවතින ගැටලු නිරාකරණය කරගනිමින් මේ වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට රාජ්‍ය නිලධාරීන් හැටියට වගකීම ඉටු කරන්න.

    රාජ්‍ය සේවයේ විශාල ප්‍රමාණයක් සේවයෙන් මුදා හරින්න, අයින් කරන්න කියලා විවිධ යෝජනා ආවා. අපි ඒක කළේ නැහැ. අපිට මේ අමාරු තත්ත්වයෙන් රට ගොඩ ගන්න ඕනේ. අපිට විශ්වාසය තියෙන මිත්‍ර රටවල් වගේම දේශීයව අප සියලු දෙනා අත්වැල් බැඳගෙන සැලැස්මකට ගමන් කළොත් අපට ආහාරවලින් ස්වයංපෝෂිත තත්ත්වයට එන්න පුළුවන්.”

    මෙම අවස්ථාවට ඌව වෙල්ලස්ස දෙදිසාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය කන්දඋඩ පංගුවේ සුධම්ම හිමි, ඌව පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම්. මුසම්මිල්, රාජ්‍ය අමාත්‍යවරුන් වන ශෂීන්ද්‍ර  රාජපක්ෂ, අශෝක ප්‍රියන්ත, ජානක වක්කුඹුර, විජිත බේරුගොඩ,පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කුමාරසිරි රත්නායක, යදාමිණී ගුණවර්ධන, ධර්මසේන විජේසිංහ, රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම් රංජිත් අශෝක, මොණරාගල දිස්ත්‍රික් ලේකම් එස්.බී. රත්නායක ජනාධිපති උපදේශක බී .එම්. එස්. බටගොඩ  ඇතුළු  රාජ්‍ය නිලධාරීන් ද සහභාගි වුණා. 

    පෙර පුව​තලස්සන කණ්ඩලම අද දිස්වෙන හැටි
    ඊළඟ පුව​ත නියඟය හේතුවෙන් වැව්වල මාළු දහස් ගණනින් මියයයි

    සබැ​ඳි පුවත්

    “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි

    මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි

    හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්

    ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්

    නාවලපිටිය දොළොස්බාගේ මාර්ගය වැසි ජලයෙන් යටවෙයි

    ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි

    2026-04-22

    මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි

    2026-04-22

    හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්

    2026-04-21

    ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්

    2026-04-21
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group