Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    නුවරඑළිය මහාධිකරණයෙන් සැකකරුවන් සිව් දෙනෙක්ට මරණ දඬුවම

    2026-04-02

    පතරොම් තොගයක් සොයා ගැනේ

    2026-04-02

    එකම පවුලේ පිරිසක් ගිය වෑන් එකක් ගැරඬි ඇල්ල ප්‍රදේශයේදී ප්‍රපාතයට පෙරළෙයි

    2026-04-02
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • නුවරඑළිය මහාධිකරණයෙන් සැකකරුවන් සිව් දෙනෙක්ට මරණ දඬුවම
    • පතරොම් තොගයක් සොයා ගැනේ
    • එකම පවුලේ පිරිසක් ගිය වෑන් එකක් ගැරඬි ඇල්ල ප්‍රදේශයේදී ප්‍රපාතයට පෙරළෙයි
    • පුද්ගලයෙක් දිය රකුසාට බිළි
    • නීති විරෝධීව වාහන ළඟ තබාගත් තිදෙනෙක් අත්අඩංගුවට
    • ශ්‍රී ලන්කන් හිටපු විධායක අධ්‍යක්ෂගේ ඇප ඉල්ලීම ඉවතට
    • දකුණු ප්‍රබල දේශපාලනඥයෙක් ජීවිතක්ෂයට
    • හිටපු ඇමැති චමල්ගේ පුතෙක් අත්අඩංගුවට ගැනීමට විවෘත වරෙන්තු
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, අප්‍රේල් 3
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ගොවීන් අස් වැද්දවූ ඔප්පු සහිත ඉඩම් රක්ෂිත කරලා

    ගොවීන් අස් වැද්දවූ ඔප්පු සහිත ඉඩම් රක්ෂිත කරලා

    2025-11-12කියවීමට මිනිත්තු 2ක් ගතවේ.3 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    කැබිතිගොල්ලෑව අඩවි වන කාර්යාල නිලධාරින්ගේ ක්‍රියාහේතුවෙන් තමන් වර්ෂ ගණනාවක් අස්වැද්දවූ කුඹුරු ඉඩම් සහ හේන් බිම් මෙවර කන්නයේ වගා කිරීමට නොහැකිවීමෙන් දැඩි අපහසුතාවකට පත්ව ඇති බව කැබිතිගොල්ලෑව ගොවීන් පවසනවා.

    කැබිතිගොලෑව තුලාන අංක 25 හි පිහිටි මැදගම, ගුරුහම්මිල්ලෑව, කෝලිබැන්දවැව යන ගම්මානවල ගොවීන් මෙලෙස අපහසුතාවයට පත්ව ඇති අතර මේවනවිට එම ගම්මානවල අස්වැද්දවීම් සිදුකරන, රටේ ජාතික ආර්ථිකයට ශක්තියක් වූ කුඹුරු සහ හේන් ඉඩම් අක්කර 150 ක් පමණ ගොවීන්ට අහිමි වී ඇති බවයි වාර්තා වන්නේ.

    ඔප්පු සහිත සහ හිමිකමක් ඇති ඉඩම් අස්වැද්දවූ ගොවීන්ගේ වගා බිම් අඩවි වන නිලධාරින් විසින් එලෙස අත්තනෝමතිකව රක්ෂිත කරගනිමින් සිටීම හේතුවෙන් එම වගා ඉඩම් ගොවීන්ට අත්හැරීමට සිදුව ඇති බවත් ඇතැම් ගොවීන්ට නඩු දමා බිය වැද්දවීම් සිදුකරමින් අඩවි වන නිලධාරින් සිය ඉඩම් අත්පත් කරගනිමින් සිටීම විශාල අපරාධයක් බවද ගොවීන් සදහන් කරනවා.

    ඒ පිළිබඳ අදහස් දැක්වූ ගම්වාසීන් මෙලෙස කියා සිටියා.

    අපේ ඉඩම් බලහත්කාරයෙන් අඩවි වනනිලධාරින් අත්පත් කරගෙන ඉන්නවා මේවන විට. අපිට නඩු දාලා බිය වද්දවනවා ඒ අය. සමහර ඒවා නිදහස් කරලා තියෙනවා. මොකද්ද හේතුව කියලා අපි දන්නේ නෑ.

    නමුත් මේවන විට අපි අසරණ වෙලා ඉන්නේ අපේ කුඹුරු, හේන් කරගන්න බැරුව. අපේ දරු පවුල් ජීවත් වුනේ මේවගෙන් ලැබුන ආදායමින්.

    අපේ පැත්තේ ගෙවල් ආසන්නවත් ගල් දාලා රක්ෂිත කරලා. සමහර අයගේ වැසිකිලිවල උඩින් රක්ෂිත ගියේ. ඒවානම් කතා කරලා විසද ගත්තා. අපට තේරෙන්නේ නෑ මේ කාලෙන් කාලෙට පෙරලෙන වෙස්.

    මේ ගම්වල කට්ටිය යුධ කාලේ ගම් අතහැරලා ගිහින් හිටියේ. පවුලයි දෙකයි හිටියේ. නමුත් දැන් ගම්මානවලට ඇවිත් ඉන්නේ සිය හිමිකම් සමග. සමහර ඉඩම්වල විශාල ගස් තිවෙන්න පුලුවන්. මොකද මේ ගම්වලට නැවත කට්ටිය පදිංචි වුණේ අවුරුදු 20ට පමණ පසුව.

    අපි අවුරුදු ගානක් අස්වැද්දවූ කුඹුරු, හේන් ඉඩම් මේ. අපේ දරුවන් ගස්යට තොටිලිවල නිදි කරවලා අපි මේ හේන් ඉඩම් කළේ.
    අපේ දරුවන්ට සැප මෙට්ටයක නිදා ගන්න හම්බවුණේ නෑ ඔය නඩු දාන මහත්තුරුන්ගේ ළමයින්ට වගේ.

    කණගාටුවෙන්න ඕනේ ඔය නිලධාරි අපේ දරුවන්ටත් ණයයි.

    ඔප්පු තියෙන ඉඩම් වගේම ඔප්පු නැති හිමිකම් ලිපි තියෙන ඒවත් තියෙනවා. මේක මහා අසාධාරණයක්.

    අපි හේන් කරලා එහි අස්වැන්න රටට දුන්නේ. ඒ මහත්තුරු ඒවා කාලා ඇවිත් අපටම නඩු දානවා. අසාධාරණය කරනවා. සමහර නිලධාරි අහිංසක ගොවීන්ගෙන් පලිගන්නවා.

    අපි බලධාරින්ගෙන් ඉල්ලා සිටින්නේ මේ ගම්වලට එන්න. ඇවිත් අපේ අයිතිය දිහා බලා අපිට සාධාරණයක් කරන්න කියලයි. මේවා අහස පොලව නුහුලන අපරාධ.

    අප මේ චෝදනාව පිළිබඳ කැබිතිගොල්ලෑව අඩවි වන නිලධාරි කාර්යාලයෙන් විමසීමක් කළා.

    එහිදී එහි ප්‍රකාශකයෙකු මෙලෙස කියා සිටියා.

    අපි රක්ෂිත කොටස් හෙළිකරන අයට නඩු දානවා. එහෙම අවස්ථාවල අකටයුත්තක් වෙලා තිබෙනවා නම් අපි නිවැරදි කරන්නත් සූදානම්. ඔය ඉඩම් වලට ඔප්පු, බලපත්‍ර ,හිමිකම් නෑ. ඒවා පෙන්වපු ඉඩම් අපි නිදහස් කරලා තියෙනවා. ඉතින් හිමිකම් අයිතියක් නැත්තම් ඒවා රක්ෂිත නම් අපි නීතිය ක්‍රියාත්මක කරනවා.

    පෙර පුව​තදෙවියන් වදින්න යද්දි දෙවියන් ළඟ හඳුන් දිවියෙක්
    ඊළඟ පුව​ත ප්ලාස්ටික් අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීයකරණයට විශේෂ වැඩසටහනක්

    සබැ​ඳි පුවත්

    නුවරඑළිය මහාධිකරණයෙන් සැකකරුවන් සිව් දෙනෙක්ට මරණ දඬුවම

    පතරොම් තොගයක් සොයා ගැනේ

    එකම පවුලේ පිරිසක් ගිය වෑන් එකක් ගැරඬි ඇල්ල ප්‍රදේශයේදී ප්‍රපාතයට පෙරළෙයි

    පුද්ගලයෙක් දිය රකුසාට බිළි

    නීති විරෝධීව වාහන ළඟ තබාගත් තිදෙනෙක් අත්අඩංගුවට

    ශ්‍රී ලන්කන් හිටපු විධායක අධ්‍යක්ෂගේ ඇප ඉල්ලීම ඉවතට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    නුවරඑළිය මහාධිකරණයෙන් සැකකරුවන් සිව් දෙනෙක්ට මරණ දඬුවම

    2026-04-02

    පතරොම් තොගයක් සොයා ගැනේ

    2026-04-02

    එකම පවුලේ පිරිසක් ගිය වෑන් එකක් ගැරඬි ඇල්ල ප්‍රදේශයේදී ප්‍රපාතයට පෙරළෙයි

    2026-04-02

    පුද්ගලයෙක් දිය රකුසාට බිළි

    2026-04-02
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group