යතුරු පැදි සොරකම් කිරීම්වලට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසිය කියා සිටියේ අපරාධ නිවාරණ මෙහෙයුම් රාජකාරියේ යෙදී සිටි ගිරිඋල්ල පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවයි.
අදාළ සැකකරුන් තිදෙනා ගිරිඋල්ල ලබ්බල ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 305ක් සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කොටදෙනියාව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 20ක් වන සැකකරුවන් තිදෙනෙක්.
අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී මොවුන් විසින් මීගමුව සහ කුලියාපිටිය පොලිස් වසම්වලදී සිදුකරන ලද යතුරු පැදි සොරකම් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණ වී තිබෙනවා.
ඒ අනුව සැකකරුවන් විසින් සොරකම් කරන ලද යතුරු පැදි 04ක් සහ අපරාධ සිදුකිරීමට යොදාගත් යතුරු පැදියක් පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.
ඒ අනුව ගිරිඋල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.