පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ කොළඹ කොටුව පොලිසිය විසින්.
ප්‍රකාශයක් ලබාදීම සඳහා පොලිසිය වෙත පැමිණි අවස්ථාවේදී මන්ත්‍රීවරයා අද(29) පෙරවරුවේ මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කොළඹ පැවැති සත්‍යග්‍රහයක් අතරතුර පොලිස් නිලධාරියෙකුට බැණවැදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා මන්ත්‍රීවරයා අද කොටුව පොලිසිය වෙත කැඳවා තිබුණා.
අදාළ පොලිස් නිලධාරියාගේ රාජකාරියට බාධා කිරීමේ චෝදනාව යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතා මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.