
ඉලෙක්ට්‍රොනික වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ පද්ධතියේ සිදු කරන යාවත්කාලීන කිරීමක් හේතුවෙන් පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව අද සිට දින තුනක් තාවකාලිකව අක්‍රීය කර තිබෙනවා. ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සඳහන් කළේ අද සිට එළැඹෙන 28 වැනි දින දක්වා වූ කාලය තුළ මෙම සේවාව තාවකාලිකව අක්‍රීය කරන බවයි. ඒ අනුව මධ්‍යම, උතුරු මැද, වයඹ, දකුණු, නැගෙනහිර, උතුරු, සබරගමුව, ඌව පළාත යන පළාත් 8හි මෙම සේවාව තාවකාලිකව අක්‍රීය වනු ඇති.














