ශ්රී ලංකාවේ ප්රථම ස්වභාවික වායු බලාගාරය ලෙස කෙරවලපිටිය සොබාධනවි බලාගරය අද විවෘත කෙරුණා.
ඒ ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ ප්රධානත්වයෙන්.
සොබාධනවි බලාගාරය මගින් මෙරට ජාතික විදුලි පද්ධතියට මෙගාවොට් 350ක විදුලි ධාරිතාවක් එක්කර ගැනීමට නියමිතයි.
මෙම අවස්ථාවට එක්වෙමින් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා කියා සිටියේ 2025 වන විට දේශගුණික විපර්යාසවලට මුහුණ දීමේ ඉලක්ක සපුරා ගත යුතු බවයි.