
පෙර ප්‍රකාශිත පරිදි ලංකා දුම්රිය සේවයේ සැප්තැම්බර් 17 සහ 18 යන දෙදින ක්‍රියාත්මක කිරීමට නියමිත සංකේත වැඩ වර්ජන තීරණය නොවෙනස්ව ඉදිරියට පවත්වන බව ඒකාබද්ධ දුම්රිය වෘත්තීය සමිති පවසනවා. ඒ වත්මන් දුම්රිය සාමාන්‍යාධිකාරීවරයාගේ ධුරය සම්බන්ධයෙන් රජයෙන් මෙතෙක් නිශ්චිත තීරණයක් ලැබී නොමැති වීම හේතුවෙන්. ඒකාබද්ධ දුම්රිය වෘත්තීය සමිතිවල සම කැඳවුම්කරු කසුන් චාමර ජයසේකර මහතා නිවේදනයක් නිකුත් කරමින් මේ බව දැනුම් දී තිබෙනවා. මේ සම්බන්ධයෙන් ප්‍රවාහන අමාත්‍යාංශ පරිශ්‍රයේදී, ප්‍රවාහන අමාත්‍යාංශ ලේකම්වරයා සහ ඒකාබද්ධ දුම්රිය වෘත්තීය සමිති නායකයින් අතර ් විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබුණා. එහිදී වෘත්තීය සමිති නියෝජිතයින් විසින් දුම්රිය දෙපාර්තමේන්තුව තුළ උද්ගත වී ඇති පරිපාලනමය හා මෙහෙයුම් ගැටලු මෙන්ම මගී ජනතාව මුහුණ දී ඇති සේවා බිඳවැටීම් පිළිබඳව දීර්ඝ වශයෙන් කරුණු පෙන්වා දී ඇති බවයි වාර්තා වන්නේ.














