
කොටහේන නගරයේදී තියුණු ආයුධයකින් පහරදීමක් හේතුවෙන් බරපතළ තුවාල ලැබූ තරුණයෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබෙනවා. ඊයේ දින රාත්‍රියේ මෙම ඝාතනය සිදුව ඇති අතර, කොටහේන පොලිස් ස්ථානයට ලද පණිවුඩයක් මත විමර්ශන ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ. මියගොස් ඇත්තේ, අවුරුදු 18ක් වූ වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. පුද්ගලික ආරවුලක් දුරදිග යාමෙන් පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම ඝාතනය සිදුකර ඇති බවට දැනට සිදුකළ විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා.














