පාකිස්ථානයේ නිදහස් දිනය අදට යෙදී තිබෙනවා. ප්‍රධාන නිදහස් උත්සවය ඉස්ලාමාබද් අගනුවර සංවිධාන කර තිබෙනවා.
1947 වසරේදී බ්‍රිතාන්‍ය පාලනයෙන් දකුණු ආසියාවේ වයඹ ප්‍රදේශයෙහි නිදහස් මුස්ලිම් රාජ්‍යයක් ස්ථාපිත කිරීමේ අරමුණ සහිතව පැන නැගුණු පාකිස්ථාන නිදහස් ව්‍යාපාරය හේතුවෙන් පාකිස්ථානය බිහිවුණා.
එහි නායකත්වය දරනු ලැබුවේ පාකිස්ථානයේ පියා ලෙස සැළකෙන සමස්ත ඉන්දියා මුස්ලිම් ලීගයේ නායක මොහොමඩ් අලි ජින්නා විසින්.
බ්‍රිතාන්‍යයන් ඉන්දියාවට නිදහස ලබාදීමේ දී ජාතීන් දෙක අතර ඇතිවූ බෙදීම පාකිස්ථානය බිහිවීමට මුල් වී තිබෙනවා . එමෙන්ම ඉන්දියාව හෙට සිය නිදහස් දිනය සැමරීමට නියමිතයි.